ලංකා ප්‍රිමියර් ලීග් ( LPL ) හෙට ආරම්භ වේ
ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලිය හෙට ( 26 ) හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය දෙසැම්බර් 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර කර ඇත.
ඒ අනුව හෙට සවස 3.30 සමාරම්භක උත්සවය පැවැත් වීමට නියමිත වේ. පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තරගාවලියේ සියලුම තරගවට පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
සමාරම්භක උත්සවයෙන් පසු රාත්‍රී 7.30ට කළම්බෝ කිංග්ස් කණ්ඩායම හා කැන්ඩි ටස්කස් කණ්ඩායම අතර ප්‍රථම තරග වටය ආරම්භ වීමට කටයුතු සැලසුම් කර ඇත.
තරගාවලියේ තරගවට පැවැත්වෙන ආකාරය පිළිබඳ කාල සටහන් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
