ට්‍රම්ප් පසු බසී – බයිඩ්න් වැඩ අරඹයි
ඇමරිකාවේ නව ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් මේ වන විට තම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා නියෝජිතයින් තෝරා පත් කරමින් සිටින බව වාර්තා වේ.
ඇමරිකාවේ රාජ්‍ය ලේකම්,දේශපාලනික ක්‍රියාකාරීත්වය සඳහා නියෝජිතයෙකු හා ඇමරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂක යන තනතුරු සඳහා නියෝජිතයින් නම් කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව,
- ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ලෙස ඇන්ටනි බ්ලින්කන්
- දේශපාලනික ක්‍රියාකාරීත්වය සඳහා නියෝජිතයා ලෙස හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන ජෝන් කෙරී
- ඇමරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂක ලෙස ඇව්රිල් හයින්ස්

පත්කිරීමට නියමිත බව සඳහන් වේ.
ලබන වසරේ 20 වන දින ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීමට නියමිත අතර වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම බල හුවමාරුවට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රථමවරට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
