තවත් ආසාදිතයින් 485ක් සුවය ලබයි
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 485දෙනෙක් අද (25) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,447ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව පුද්ගලයින් 5,426ක් ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 20,967ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (24) සිදුවු කොවිඩ් මරණ 4ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
