දේශීය

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ

නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති නිවාර් සුළි කුණාටුව ඊයේ (24) චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් (10.1N, 82.1E) ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉදිරි පැය 24ක කාලය තුළ එය ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේකෂා කෙරේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල පැ.කි.මි. 60-80 පමණ දක්වා වන ඉතා තද සුළං ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල පැ.කි.මි. 40-50 පමණ දක්වා වන තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.

සවස 2.00න් පසුව ඌව පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *