බන්ධනාගාරයේ සිටින ශානි අබේසේකරටත් කොවිඩ්
බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.
ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට ශානි අබේසේකර මහතා පසුගියදා අත්අඩංගුවටගත් අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
