රිෂාඩ් බදියුදීන්ට ඇප
රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ දහයක් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප ලබා දී ඇත.
මැතිවරණ නීති රීති කඩ කරමින් මහ ජනතාවගේ මුදල් අනිසි ලෙස අවභාවිතා කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයාව පසුගිය දිනෙක අත්අඩංගුවට ගෙන තිබුණි.
අධිකරණය විසින් මන්ත්‍රීවරයාහට ඇප ලබා දෙමින් සඳහන් කර ඇත්තේ අපරාධ දෙපාර්තමේන්තුව පවසන සෑම විටකදීම එහි පෙනී සිටීම අනිවාර්ය බවයි. එසේම මන්ත්‍රීවරයාහට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
