දේශීය

තවත් ශ්‍රී ලාංකිකයින් 92ක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 92දෙනෙකු අද (26) අළුයම දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකිකයින් 50දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ශ්‍රී ලාංකිකයින් 42දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ ඇති බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කරයි.

ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

මීට අමතරව ඕමාන් සිට තවත් ශ්‍රී ලාංකිකයින් 35දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *