දේශීය

නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 72ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 72දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් සියළුදෙනා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 660දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *