කෝප් කමිටු රැස්වීම අද පළමු වරට Online තාක්ෂණය ඔස්සේ
පළමුවරට Online තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම අද (26) පැවැත්වේ.
කැලණි ගගේ ජල දූෂණය සම්බන්ධයෙන් Online තාක්ෂණය ඔස්සේ කෝප් කමිටු රැස්වීම අද පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි යන මහත්වරුන් Online තාක්ෂණය හරහා එම සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීමට නියමිතය.
මීට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් හෙට (27) කෝප් කමිටු රැස්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කරයි.
කොවිඩ් සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොප් කමිටු කටයුතු සිදු කෙරෙන බැවින් කොප් කමිටුවට පැමිණෙන පිරිස අවම කර ගැනීමට සහ කමිටුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට මෙලෙස Online තාක්ෂණය යොදාගැනීම අරමුණ වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
