දේශීය

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථනාධිපති මිය යයි

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථනාධිපතිවරයා හදිසියේ මියගොස් තිබේ.

අද (26) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ ව්‍යායාම සිදු කරමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.‍


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *