ක්‍රීඩා

නවසීලන්තයට ගිය පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ 6දෙනෙකුට කොවිඩ්

නවසීලන්තයේ සංචාරයක නිරත පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පාකිස්තානය සහ නවසීලන්තය අතර 20යි20 තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් පැවැත්වීමට නියමිත අතර එහි පළමු තරඟය දෙසැම්බර් 10වැනිදා පැවැත් වේ.

නවසීලන්තයට පැමිණ සිටින පාකිස්තාන කණ්ඩායම මේ වන විට ක්‍රයිස්ට්චර්ච් නගරයේ අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ඳහන් කරයි.

නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් පවසන්නේ එම පිරිසෙන් කිහිපදෙනෙක් එරටට ගිය පළමු දිනයේදී ම එනම් අඟහරුවාදා (24) නිරෝධායන ක්‍රමවේද කඩකර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *