දේශීය

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර දිවුරුම් දෙයි

මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සරත් වීරසේකර අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල්වරයෙක් ලෙසද අමාත්‍ය සරත් වීරසේකර මහතා කටයුතු කර ඇති අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසට ද ඔහු කලක් කටයුතු කර ඇත.

මේ අතර රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපාදා කළමානාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් චමල් රාජපක්ෂ මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *