දේශීය

ඇහැලියගොඩ පාසල් 7ක් තාවකාලිකව වැසේ

ඇහැලියගොඩ ප්‍රදේශයේ පාසල් 7ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර පවතින තත්වය පිළිබඳව අද (27) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කරයි.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ ඇහැලියගොඩ අධ්‍යාපන කළාපයේ සියළු පාසල් වසා තැබීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවයි.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක පාසල් කිහිපයක් ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය සහයකවරයෙකු කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ඔහුට සිදු කළ PCR පරීක්ෂණයේදී වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.

මේ හේතුවෙන් අද මින්නේරිය ජාතික පාසලට පැමිණි සිසුන්ද නැවත නිවෙස් වෙත පිටත් කර යවා ඇති අතර ගුරුවරුන්ගේ පැමිණීම ද පැවැතියේ අවම මට්ටමකය.

හැටන් කුයිල්වත්ත දෙමළ විදුහලේ සිසුවෙකුට ද කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද එම පාසලේ සිසුන්ද පැමිණ නොමැති බව වාර්තා වේ.

එම කොවිඩ් ආසාදිත සිසුවාගේ ආශ්‍රිත දරුවන් 19දෙනෙකු ස්වයං නිරෝධනය කර ඇති අතර පාසලද විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබේ.

කෑගල්ල , රුවන්වැල්ල ඉඹුලාන ශ්‍රී සේන විද්‍යාලයත් තාවකාලික වසා දමා තිබේ.

එම පාසලේ සිසුවෙකුගේ මවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *