ගෝලීය නවතම තතු – COVID 19
ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 61,302,037ක් වාර්තා වී ඇත.
මේ වන විට එම ආසාදිතයින්ගෙන් 42,393,123දෙනෙක් සුවය ලබා ඇති අතර මෙම වෛසරයට ගොදුරු වූ ආසාදිතයින් 1,437,635ක් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ ආසාදිතයින් වාර්තාවන සංඛ්‍යා දත්ත අනුව එම රටවල් පෙල ගස්වා ඇත.
ඒ අනුව එම රටවල් ලැයිස්තුවේ 4වන තැන ප්‍රංශය සිටි අතර 5වන තැන සිටියේ රුසියාවයි. නමුත් මේ වන විට ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් රුසියාව 4වන තැනට පැමිණ ඇති අතර ප්‍රංශය 5වන තැනට පැමිණ ඇත.
මෙරට කොවිඩ් වෛරස ආසාදිතයින් 22,028ක් වාර්තා වී ඇත.ඉන් 15,816ක් ආසාදිතයින් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,113දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 99ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
