ඉතියෝපියාවේ යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 38ක් මුදා ගැනේ
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38දෙනෙකු මුදා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුද කලාපයෙන් මුදා ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස් එතැන් සිට අඩිස් අබාබා වෙත රැගෙන ගොස් තිබේ.
ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ සේවය කරමින් සිටි සියළුම ශ්‍රී ලාංකිකයින් පිරිස ඉදිරි දිනකදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.
ඉතියෝපියාවේ රජය 2020 නොවැම්බර් 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ටයිග්‍රේ සටන්කාමීන්ට යටත්වන ලෙස ඉතියෝපියා රජය ලබාදුන් කාලය ඊයෙන් (26) අවසන් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
