දේශීය

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් අද දිවයිනට

ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් අද (27) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර පැවැත්වීමට නියමිත ත්‍රෛපාර්ශවික සාකච්ජාවකට සහභාගී වීමට නියමිත අතර එහිදි කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇති බවයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *