දේශීය

නව පොලිස්පති ලෙස සී.ඩී වික්‍රමරත්න අද රාජකාරි අරඹයි

මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස සි.ඩි.වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

1986 වසරේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා සේවයට එක්ව තිබේ .

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙක් වන අතර මීට අමතරව බ්‍රැඩ්ෆොර්වඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.

2019 අප්‍රේල් 28 වෙනිදා සිට වසරකට අධික කාලයක් ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *