දේශීය

නිරෝධායනයට පිරිසක් ගෙනගිය බස් රථයක් අනතුරට

කිලිනොච්චිය විඩත්තප‌ලෙයි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගමන් කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

විදේශගතව සිට මෙරටට පැමිණි පිරිසක් නිරෝධායනයට රැගෙන ගිය බස්රථයක් මෙලෙස අනතුරට ලක්වී 17දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

ඉන් බරපතළ තත්වයේ පසු වු රියදුරු ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු පලෙයි රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසලින් ඉදිකොට තිබූ විශාල ජලනලයක වැදී නැවතී තිබේ.

අනතුර හේතුවෙන් බස් රථයටද දැඩි හානි සිදුව ඇති අතර ජලනල පද්දතියටද හානි සිදුව ඇති බව පලෙයි පොලීසිය පවසයි.

ප‌ලෙයි පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *