දේශීය

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 406ක් දිවයිනට – තවත් ශ්‍රී ලාංකිකයන් 382ක් රැකියා සඳහා පිටව යයි

කටුනායක ගුවන්තොටුපොළ සාමාන්‍ය ගුවන් මගී මෙහෙයුම් සදහා වසා තිබියදී මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 406දෙනෙකු රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත අද (27) පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි 50දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 153දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි රැඳී සිටි 191දෙනෙකු, ජපානයේ නරීටා රැඳී සිටි 12 දෙනෙකු මෙලසෙ ගුවන් යානා 05 කින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා සංචාරක හෝටල් වෙත යොමු කර ඇත.

මේ අතර ශ්‍රී ලාංකිකයන් 382දෙනෙකු රැකියා සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 275දෙනෙකු ද, කටාර් රාජ්‍යයේ දෝහා වෙත 53දෙනෙකු ද, මාලදිවයිනේ මාලේ වෙත 54දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් 382දෙනෙකු රැකියා සඳහා අද අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *