ක්‍රීඩා

අවිශ්කගේ පිතිහරඹය නිසා ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ(27) ගොල් ග්ලැඩියේටර්ස්  කණ්ඩායම හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම  අතර පැවැත් වුණි.

කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු  08ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකි විය.

ඒ නායක ශයිඩ් අෆ්රිඩි පන්දු 23කින් පහර 6ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 58ක් ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 38ක් ද රැස් කළේය.

පන්දු යැවීමේ දී ඩුවාන් ඔලිවියර් ලකුණු 44කට කඩුලු 4ක් බිඳ හෙලීමටත් වනිදු හසරංග ලකුණු 12කට කඩුලු 2ක් බිඳ හෙලීමටත් සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකි විය.

සුපිරි පිතිහරඹයක නිරත වූ  අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63 කින් ලකුණු 92ක් රැස් කළේ හයේ පහර 7ක් ද ඉනිමට එක් කරමිනි.

ෂොයිබ් මලික් නොදැවී ලකුණු 27ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් සහ මොහොමඩ් ශිරාස් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ අවිශ්ක ප්‍රනාන්දු.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *