මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් 17කට කොවිඩ්
මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් 17දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
පසු ගිය දිනෙක රෝහලේ, උගුර කණ නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු එම ඒකකයේ කරන ලද PCR පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනාගෙන තිබේ.
රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් මෙලෙස හඳුනාගත් ආසාදිතයින් අතර වෛද්‍යවරයෙකු හා හෙදියන් 09දෙනෙකු ද සිටින බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
