විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 277ක් දිවයිනට
පවතින කොවිඩ් වෛරස තත්ත්වය නිසා මෙරටට පැමීණීමට කොහැකිව විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (28) දිවයිනට පැමිණ ඇත.
ශ්‍රී ලාංකිකයින් 277ක් මෙලෙස පැමිණ ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 76 දෙනෙකු, අබුඩාබි සිට 42ක්, දෝහා කටාර් සිට 96 දෙනෙකු සහ ඉන්දියාවේ සිට 53 දෙනෙකු මෙලෙස මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
නිරෝධයන නීති රීතිවලට අනුව මෙම පිරිස ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරික්ෂණ සඳහා යොමුකර ඉන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා එම මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
