දේශීය

ස.පෙ.විභාගය කල් යයිද ? තීරණය තව සති දෙකකින් අමාත්‍ය ජී.එල්. පීරිස් කියයි

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ රටේ සියලුම පාසල් ඉදිරියේ දී ආරම්භ කිරීමට නොහැනි වුවහෝත් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.

මීට පෙර  ප්‍රකාශ කළ පරිදී 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා ස.පෙ. විභාගය පැවැත්වෙන්වාද නැතිනම් දින වෙනස් වෙනවාද යන්න නිශ්චිතව තීරණය කර නොමැති බවත් ඉදිරි සති දෙකක් තුළ මේ පිළිබඳ තිරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේවෙතත් පාසල් ආරම්භ වූවත් ඉතා ඉක්මණින් ක්‍රීඩා කටයුතු ආරම්භ නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් ලබා දී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

අද (28) පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයා මේ පිළිබව අදහස් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *