ඉරානයේ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥවරයා වෙඩි පහරකින් මරුට
ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වන මොෂේන් ෆක්රිසාඩේ එරට අගනුවරට ආසන්න නගරයකදී ඝාතනය කර ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.
සිය මෝටර් රථයෙන් යමින් සිටියදී පුද්ගලයින් පිරිසක් විසින් ටෙහෙරාන් නගරයට ආසන්න ඩමවාන්ඩ් නම් ප්‍රදේශයේ අබ්සාර්ඩ් හිදී එල්ල කළ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ විද්‍යාඥවරයා රෝහල් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රහාරකයින් සහ මොෂේන්ගේ ආරක්ෂක අංශ අතර මෙහිදී වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එහි දී ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයින් 04දෙනෙක් හා මොෂේන්ගේ ආරක්ෂක අංශයේ පුද්ගලයින් 06දෙනෙක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
”ඉරානයේ බෝම්බ පියා” ලෙස හදුන්වන මොෂේන් ෆක්රිසාඩේ ඉරානයේ රහසිගත න්‍යෂ්ටික අවි වැඩසටහන ප්‍රධානියා බව, බටහිර බුද්ධි අංශ ප්‍රකාශ කරයි.
ත්රස්තවාදීන් විසින් අද දින ඉරානයේ ප්‍රවීන ඉරානයේ විද්යාඥයෙක්ඝාතනය කළ බවත් මෙම පුහාරය ඊශ්‍රායලයේ සහය ඇතිව මෙය සිදු වූවක් බව ඉරානයේ විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
