කොවිඩ් නිසා බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව ලබාදීමට පියවර ගෙන ඇත.
බන්ධනාගාර රුඳවියන් 600කය පමණ මෙම පොදු සමාව ලබා දෙන අතර බරපතල වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට මෙම සමාව හිමි නොවන බවත් නිදහස හිමිවිය යුතු බන්ධනාගාරගත රැඳවියන්ගේ නාම ලේඛන කඩිනමින් මූලස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස සියලු බන්ධනාගාර වෙත දැනුම් දුන් බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ජනාධිපති සමාව හිමිවිය යුතු පිරිස් තහවුරු කරගෙන ඉදිරි දින දෙක තුළ අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවයි.
කොවිඩ් ආසාදිතයින් හමු වූ බන්ධනාගාරවල ජනාධිපති සමාව හිමිවිය රැඳවියනට හෝ ඇප මත මුදාහරින රැඳවියන් පල්ලේකැලේ සහ වීරවිල එළිමහන් සිරකඳවුරු වෙත යොමු කර දින 14ක නිරෝධයන කාල සීමාවකින් පසු ඔවුන් පිටත් කොට යැවීමට කටයුතු කරන බව බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
