දේශීය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොවිඩ්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී සිදුකරන ලද අහඹු PCR පරීක්ෂාවකින් එම පුද්ගලයින් තිදෙනාට වෛරසය ශරීරගත වී ඇති බව අද (29) උදෑසන හඳුනාගෙන තිබේ.

නාගරික සෞඛ්‍ය අංශය සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු පරීක්ෂාවට ලක්කර ඇති පිරිස 200ක් වන බවයි.

හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් තිදෙනා ගලහ, එප්පාවල සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් බැවින් ඔවුන් පැමිණි බව කියන වෙළෙඳසැල් 3ක් වසා දැමීමට පියවර ගෙන ඇති අතර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව නාගරික සෞඛ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *