ක්‍රීඩා

එංගලන්ත – දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ක්‍රිකට් දෙවන තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (29) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6ට ආරම්භ වේ.

එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වන අතර දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

එම ජයත් සමඟින් තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.

දෙරට අතර තුන්වන සහ අවසන් තරගය කේප් ටවුන් හිදී දෙසැම්බර් 01 වැනිදා පැවැත්වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *