දේශීය

තවත් කොවිඩ් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 109දක්වා ඉහළට

තවත් කොවිඩ් රෝගීන් 2දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටදී මිගොස් ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96හැවිරිදි කාන්තාවකි.

කොළඹ 02 ප්‍රදේශයේ මියගිය 76 හැවිරිදි පිරිමි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇති අතර මරණයට හේතුව අධික රුධිර පීඩනය සමඟ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් උග්‍ර වූ නිධන්ගත වකුගඩු රෝගී තත්ත්වයකි.

කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාව නිවසේදීම මියගොස් ඇති අතර මරණයට හේතුව ඇඳුම රෝගය සමඟ ඇති වූ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *