පිටකොටුව ඇතුළු පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා භාවයෙන් ඉවතට
මේවන විට හුදෙකලා කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට (30) අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය හා ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි.
මේ අතර වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් රන්සඳ සෙවණ නිවාස සංකීර්ණය, සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම හෙට පෙරවරු 5.00 සිට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
කෙසේ වුවත් ලබන බදාදා දිනයේදී දැනට හුදෙකලා කර ඇති සෙසු ප්‍රදේශවල තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදුකොට එම ප්‍රදේශ හුදෙකලා භාවයෙන් මුදා හරිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
