මුහුදේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදහන්
පලාලි පොලිස් වසමේ ඌරනි වෙරළතීරයේ දියනෑමට ගිය 6දෙනෙකුගෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදහන් වී තිබේ.
අද (29) දින දහවල් 1ට පමණ එම පිරිස දියනෑමට ගොස් ඇති අතර අතුරුදහන් වු පුද්ගලයින් දෙදෙනා 19වන වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මේ දිනවල පවතින මුහුදේ රළු ස්වභාවය හා රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවැනි විනෝද චාරිකාවල නොයෙදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.
කෙසේවෙතත් දියනෑමට ගොස් ඇති ස්ථානයට කිසිසේත්ම දියනෑමට සුදුසු ස්ථානයක් නොවන බවත් අතුරුදහන් වුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
