දේශීය

හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

මීගමුව බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් දඩුගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන වෑන් රථයක් ද මීගමුව බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගෙන ඇත.

ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් රත්මලාන, තෙලවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මූලික විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අදාළ පොලිස් ස්ථාන මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *