ඇෆ්ගනිස්ථාන බෝම්බ ප්‍රහාරයක් – හමුදා භටයින් 30ක් ජීවිතක්ෂයට
ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් එරට හමුදා සාමාජිකයින් 30දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයින් 24දෙනෙකු තුවාල ලබා ඇති අතර සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකර ඇති බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සැක පළ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
