දේශීය

පොලිස් කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යටකර පළාගිය රියදුරු අත්අඩංගුවට

නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පළාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

27හැවිරිදි සැකකරු අද (29) නිකවැරටිය ප්‍රදේශයේ දී නිකවැරටිය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වීමට නියමිත බවත් මියගිය පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පැවැත්වීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අදාළ ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *