දේශීය

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

2020.12.02වන බදාදා පැය 15කට අතුරුගිරිය අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දන්වා ඇත.

ඒ අනුව ලබන මස 02වන දා සවස 2.00 සිට පසු දා (03වන බ්‍රහස්පතින්දා ) පෙ.ව.5 දක්වා පැය 15ක  කාලයක් අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය,වල්ගම හන්දියේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරුමාර්ග වල මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *