දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

ඉදිරි පැය 24 තුළ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී එම පද්ධතිය බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන්කර දිවයිනේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය දිවයිනේ සහ දිවයින අවට මුහුදුබඩ ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපාන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සවස් වරුවෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මී 30 – 40 පමණ දක්වන වන සාමාන්‍ය තද වැසි තත්ත්වයක් ද ඇතැම් ප්‍රදේශවලට මි.මී 50 පමණ තද වැසි තත්ත්වයක් ද ඇති විය හැකි බව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *