දේශීය

මහර බන්ධනාගාරයේ මිය ගිය රැඳවියන් හා තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව ඉහළට

ඊයේ (29) මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වයෙන් මේ වන විට රැඳවියන් 08දෙනෙක් මරණයට පත්ව ඇති අතර 50දෙනෙක් තුවාල ලබා ඇති බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමට සැලසුමක් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් මෙම තත්ත්වය අහඹු සිදු වීමක් නොවන බවත් ය.

කෙසේවෙතත් මෙම සිදු වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වන විටත් මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *