දේශීය

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ නිශ්චිත තීරණය ඉදිරි දින දෙක තුළ

සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වීම පිළිබඳ නිශ්චිත තීරණය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ජනවාරි 18වන දා සිට 27වන දා දක්වා විභාගය පැවැත්වීමට නියමිතව තිබුනද පවතින කොවිඩ් තත්ත්වය හමුවේ පාසල්වල 11ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු සම්පූර්ණයෙන් සිදු නොවීම හේතුවෙන් දැනට නියම කර ඇති දිනයට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සියලුම ක්ෂේත්‍රයන් සමග සාකච්චා කර විභාගය පැවැත්වෙන දිනයන් පිළිබඳ දැනුවත් කරන බවයි. එසේම දැනට සඳහන් කර ඇති දින වෙනස් වුවහොත් යළි විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවම වශයෙන් සති 06කට පෙර සිසුන් දැනුවත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *