සෙම්බුවත්ත වැව සංචාරක ව්‍යාපෘතිය අද සිට සංචාරකයින්ට විවෘත කෙරේ
මතෙලේ සෙම්බුවත්ත වැව සංචාරක ව්‍යාපෘතිය අද (01) සිට සංචාරකයින්ට විවෘත කෙරේ.
ඇල්කඩුව වතු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රැඩ්ලි දිසාගේ මහතා සඳහන් කළේ පවතින කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ තාවකාලිකව වසා තිබූ මෙම ස්ථානය අද සිට නැවත සංචාරකයින්හට විවෘත කරන බවයි.
එසේම එම මහතා වැඩි දුරටත් සඳහන් කළේ මෙම ස්ථානයට පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේද අනුගමනය කරමින් වෛරස ව්‍යාප්ත නොවන ලෙස කටයුතු කිරීම හා මෙම ස්ථානයට පැමිණෙන පිරිස් තම ආහාර පාන තමන් විසින්ම සපයා ගැනීම වඩා සුදුසු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
