තවත් කොවිඩ් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 118දක්වා ඉහළට
ඊයේ ( 30 ) තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහල ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 72හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටලුගම ප්‍රදේශයේ පදිංචි 81හැවිරිදි කාන්තාවකි.
ගලහ ප්‍රදේශයේ පදිංචි 72හැවිරිදි පිරිමි පුද්ගලයා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇති අතර මරණයට හේතුව අධි රුධිර පීඩනය,දියවැඩියාව සහ කොවිඩ් ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි.
අටලුගම ප්‍රදේශයේ පදිංචි 81හැවිරිදි කාන්තාව නිවසේදීම මියගොස් ඇති අතර මරණයට හේතුව කොවිඩ් සමඟ උග්‍ර වූ අධි රුධිර පීඩනය,දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය ඉහළ යාමයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
