දේශීය

ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමේ අවධානමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ (30) රාත්‍රී 11.30වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතී.

ඉදිරි පැය 6 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බවත් පසුව එය එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හෙට (02) සවස් කාලයේ දී මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකිය.

නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

සවස 2න් පසුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ නැගෙනහිර පළාත්වල පැ.කි.මී 30 – 40 පමණ දක්වා වන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *