සිසුවෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට
සිසුවෙක් ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබා ගත් ඇඹිලිපිටිය ප්රදේශයේ ප්රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව අද (02) උදෑසන 10ට පමණ ඇය මෙම අල්ලස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර 2021 වසර සඳහා පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා ඇය එම මුදල ලබාගෙන ඇත.
මේ වන විට අදාළ විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අද සවස අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය ඇඹිලිපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
