තෙවන වරටත් ජැෆ්නා ස්ටැලියන්ස් ජය වාර්තා කරයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තෙවන වරටත් ඊයේ (01) තම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.
ඒ අනුව නියමිත පන්දු වාර අවසානයේ ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 185ක් ලබා ගැනීමට සහමත් විය.
නායක තිසර පෙරේරා පන්දු 28ක දී හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමඟ වේගවත් ලකුණු 68ක් රැස් කළේය.
ධනංජය ද සිල්වා පන්දු 38ක දී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 61ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය.
ජයග්‍රහනය සඳහා ලකුණු 186ක් රැස් කිරීමේ අපේක්ෂාවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට හැකිවූයේ පන්දුවාර 17.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 131ක් පමණක් රැස් කරීමටයි.
බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 46ක් ද අසේල ගුණරත්න 31ක් ද තම කණ්ඩායම රැස් කරන ලදි.
පන්දු යැවීමේ දී උස්මාන් ශින්වාරි කඩුලු 3ක් ද, වනිදු හසරංග, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් යන අය කඩුලු 2 බැගින් විඳ හෙලීමට සමත් විය.
තිසර පෙරේරා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
