දේශීය

බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළුවීමේ අවදානමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

බුරවී සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවී සුළි කුණාටුව ඊයේ (01) ප.ව 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 330ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1ත් නැගෙනහිර දේශාංශ 84.2ත් ආසන්නව ස්ථානගතව තිබේ.

සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 75 – 85 පමණ වන අතර විටින් පැ.කි.මී 95 දක්වා වැඩි විය හැකිය.

මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හමා යනු ඇත.

නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතුම් ස්ථානවල මි.මී.200ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල .මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල පැ.කි.මී 80 -90 පමණ තද සුළං ඇති වේ.

සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 60 – 70 පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *