මාලින්දගේ නිපන්දුව ගැන විමර්ශනයක්
LPL දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර පසු ගිය දිනෙක කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී යොමු කළ නිපන්දුව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ශ්‍රි ලංකා ක්‍රිකට් දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මාලින්දගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමක් සිදු කර ඇත.
මාලින්ද යොමු කළ එම නිපන්දුවට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් හයේ පහරක් එල්ල කිරීමට සමත් විය.
ශ්‍රි ලංකා ක්‍රිකට් දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මාලින්දගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකක නිලධාරින්ද සිටි බව වාර්තා වේ.
අද (02) LPL තරගාවලියේ විවේකී දිනයක් වන බැවින් කිසිදු තරගයක් අද දිනයේ නොපැවැත් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
