දේශීය

මෙරට කොවිඩ් ඖෂධයේ සාර්ථකත්වය පිළිබඳ අධ්‍යනය කරනවා – අමාත්‍ය චන්න ජයසුමන

පසු ගිය දිනවල කෑගල්ල ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙක් කොවිඩ් වෛරසයට එරෙහිව ඖෂධයක් සොගෙන ඇති බව සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වු කරුණක් විය.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම ඖෂධයේ සාර්ථකත්වය පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක් සිදුකරන බව සඳහන් කළ අතර මෙම ඖෂධය පිළිබඳ ජනපතිගේ අවධානයද යොමූ වී ඇති බව ඔහු සඳහන් කළේය.

එසේම මෙම ඖෂධය මේ වන විට කොවිඩ් ආසාදිතයින් 50කට පමණ ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *