මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන් කර ගැනීමේ පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇත.
ජනතාවට මෙම කාර්යාල මඟින් සේවාවන් ලබා ගැනීමට දිනය හා වේලාව වෙන් කර ගැනීමේ දී ඔවුන් අපහසුතාවයට පත්වීමට සිදුවන බව හදුනාගෙන ඇත.
එම නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධව පැය 24 පුරා සේවා වෙන් කර ගැනීමේ පහසුකම සලසා දුරකථන අංකයක් හදුන්වා දී ඇත. 011 2677877යන අංකය ඔස්සේ 2020.11.30වන දා සිට සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත. වඩා කාර්යක්ෂම සෙවාවක් ලබා දීමේ අරමුණින් මෙම අංකය හදුන්වා දී ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ පිළිබඳ දන්වා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
