බොලිවුඩ් රංගන ශිල්පි සනී ඩියෝල්ට කොවිඩ්
බොලිවුඩ් රංගන ශිල්පියෙකු සහ භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනී ඩියෝල් හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි.
උරහිසෙහි ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිදුකළ පරීක්ෂාවකදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
සනී ඩියෝල් ප්‍රකාශ කර ඇත්තේ තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර මේ වන විට නිරෝධායනය සඳහා යොමුව ඇති බවයි.
සනී ඩියෝල් සිය ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සදහන් කර ඇත්තේ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට ද නිරෝධායනය සඳහා යොමු වීමට පියවර ගන්නා ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
