බුරවි සුළි කුණාටුවේ අවධානම ඉන්දියාවට
බුරවි සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ළඟාවෙමින් පවතී.
අද (03) රාත්‍රී කාලයේ සහ හෙට (04) උදෑසන කේරළ හා තමිල්නාඩු ප්‍රාන්තවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් පවසයි.
බුරවි සුළි කුණාටුවට මුහුණ දීම සඳහා ඉන්දියාවේ දකුණුදිග කේරළ හා තමිල්නාඩු ප්‍රාන්තවල ජනතාව සූදානම් වෙමින් සිටින බවත් කුණාටු අවදානම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර කටයුතු තහනම් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කේරළයට හා තමිල්නාඩුවට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇති අතර කුණාටුව පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර වේගයකින් ගොඩබිමට ඇතුල් වීමට හැකියාව ඇති බව කාලගුණ වාර්තාවල සඳහන් වේ.
කෙසේවෙතත් එහි බලපෑමෙන් තද වැසි හා තද සුළං ඇති විය හැකිය.
අවදානම් සහිත ප්‍රදේශවලට සහන සේවා කණ්ඩායම් යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
