මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ධූරයෙන් ඉවතට
මාතලේ මහ නගර සභාවේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු.ගමගේ මහතා මේ පිළිබඳව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ(02) රාත්‍රියේ නිකුත් කර ඇත.
ඩල්ජිත් අලුවිහාරේ මහතා මාස 03ක කාලයක් වැඩ තහනමකට ලක්ව සිටි අතර ඔහු මහනගර සභාවේ දූෂණ හා අක්‍රමිකතා සිදුකරන බවට ගෙනුකර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් ඒක පුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් විසින් වාර්තාවක් සකස් කර ඒ පිළිබඳ විමර්ෂණය කර ඇත.
ඩල්ජිත් අලුවිහාරේ මහතා නගරාධිපති ධුරයේ කාර්යන් ඉටු කිරීමේදී මහ නගර සභා ආඥා පනතේ වගන්ති කිහිපයක් උල්ලංඝණය කර ඇති බවට එම පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
