රාගම රෝහලෙන් පළාගිය රැඳවියා අත්අඩංගුවට
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි මෙම රැඳවියා ඊයේ (02) රාත්‍රීයේදී රෝහලෙන් පළා ගොස් තිබුණු අතර සිදුකළ විමර්ශනවලින් අනතුරුව අද (03) උදෑසන එම රැඳවියා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
